Friday, August 28, 2015

බන්ධනාගාර බස් එක_____




මන් දවස් දෙකක් විතර ගිහින් තියෙනව.
අපේ පන්තියේ හිටිය නිපුන් කියල එකෙක්.උගෙ තාත්ත වැඩ කලේ බන්ධනාගාරෙ.ඉතින් උන්ගෙ තාත්තා උසාවි ගිහින් එන දවසට තමයි අපිට ඉස්සර විද්‍යාව පන්ති තිබුනෙ.(රොටියලගෙ ගෙදර)
ඒ වෙනකොට මන් 7වසරෙ විතර.
ආයිශ් අම්මා ඉතින් බස් එකට නැගල අපි දෙන්න පිටිපස්සෙ රිමන්ඩ් එකට අරන් යන උන් දිහා බල බලා චූන් එකේ එනව. grin emoticon
අන්තිමේ ගෙදර ළග හන්දියේ බහිනකොට යකෝ හන්දියෙ හැම එකාම අපි දිහා බලන් ඉන්නව.උන් මගෙන් අහනව පුතේ මොකද කියල.අපිත් ඉතින් උන්ට හිටි චූන් එකක් දීල එනව... grin emoticon
පට්ට ආතල් අපිට.

Tuesday, August 25, 2015

කිස් මේනියා ව

හාදුව ක් වගේ වචන ටිකෙන් හාදුවෙ රහ කියැවිනි.

Thursday, August 20, 2015

උබල ඇට වලේ දානකොට මං ගෙඩි කඩනව. ඒකයි වෙනස!!

කව්ද කැමති ජනියව අර අපේ ලොකු වැඩේට ගන්න??
ආා??
කියන්න බලන්න? කව්රුවත් කැමති නැහැ නේද??
අනේ හුකහං බන්.
උබලට කලින් තමයි මම ඔය සෙල්ලං පටන් ගත්තෙ.
උබල ඇට වලේ දානකොට මං ගෙඩි කඩනව.
ඒකයි වෙනස!!

Friday, August 7, 2015

සුන්දර ඡන්ද දැන්වීම්

වෙනදා ටීවි බලනකොට මට එපාවෙන ඇඩ් ගියා..
සංවර්ධන ලොතැරැයි මණ්ඩලේ ඇඩ් එක
ඉන්ශුවරන්ස් කාරයන්ගෙ ඇඩ්
බැංකුවල ඇඩ්.. (සල්ලි තියෙන උන් තමයි එපාවෙන ඇඩ් කරන්නෙ.)
එකම ඇඩ් එක මාස 3කට එහායින් විකාශය කරනකොට කොහොමත් එපා වෙනව.
ඒත් ඡන්දෙ කාලෙට පට්ට ඇඩ් යනව. තඩි මහත මාමිලා ඡන්ලෙ ඉල්ලන්න පොඩි උන්ව වඩාගන්න තැන ඉදන් කුබුරු කොටන ඒව පවා යනව.ඒව පට්ට! ඒව හැමදාම නෑනෙ. smile emoticon
ඉන්දියාවෙ චැනල් එකක් බලනකොට දුකයි ඉතින්.කමක් නෑ.. මේ සේරම එක්සත් ජාතික පක්ශ ආණ්ඩුවක් එනකන් විතරනේ.. 

Tuesday, August 4, 2015

ලයික් හිගන්නන් වෙතටයි :v

ෆේස්බුක්,ට්විටර්,G+ වගේ දේවල් ගැන බඩේ බත් වගේ නොදන්න කෙනෙක් දැන් නැහැ.විශේෂයෙන්ම උබ මම ඉන්න තරුණ පරපුරේ ඈයො.අපේ අම්මල තාත්තල ලව් කරාපු කාලෙට වඩා ටෙරා බයිට් වලින් ලව්කරව අදකාලෙ.උදේට රෑට එයාගෙන් මැසේජ් එකක් නැත්නම් සියලු සාමගිවිසුම් අහෝසි කරල යලි යුධමය ක්‍රියාමාර්ගයකට එළැබෙන සදාදරනීය පේමවන්තයො ඉන්න සමාජයක් මේක. :-p Social Life එහෙම කිව්වහම අදකාලෙ ඒක කොටස් දෙකකට විතර බෙදෙනව.ඒ මුහුනට මුහුන හැදුනුම් කම් තියාගෙන කරන සමාජාශ්‍රය.අනෙක තමා රුපියල් 39 හරි 89 හරි ඩේටා කාඩ් එකක් දමන් අපි හොයාගන්න අපේ online_සමාJ :)        ඇත්තටම ලංකාවෙ අපේ කොල්ලො කෙල්ලො සොශල් නෙට්වර්ක්ස් හරියට වැඩකට පාවිච්චි කරනවද කියන එක ප්‍රශ්නයක්.අපි මේ කතාවේදී Facebook ගැන අවධානය යොමු කරල කතා කරමු.ඇත්තටම Fb එක රටක් නම් ඒක දෙවැනි වෙන්නෙ ජනගහනයෙන් චීනය කියන රටට විතරයි.මේ හැම තත්පරේකටම දීම මේ ලෝකෙ මාරම දැනුම තොගයක් වගේම කටේ තියන්න බැරි ජරා ගොසිප් වගේ දේවලුත්  ශෙයා වෙනව.ඇත්තටම ෆේස්බුක් වගේ දේවල් ගැන අපේ අම්මල තාත්තල වගේම සමහර තරුණයො පිරිසකුත් හිතන් ඉන්නෙ හරිම වැරදියට.නමුත් ඒ මිනිස්සු හිතන දේත් යම්කිසි ඇත්තක් තියෙනව.මොකද Fb වගේ එකක් සාධනීය විදිහට භාවිතා වෙන්නෙ හරිම අඩුවෙන්.ඒකට හේතුව තමයි දැලිපිහිය හසුවුන වදුරන් වැඩියෙන් සමාජයේ සීටීම. ''Like''; දැන් ලයික් වර්ග දෙකක් තියෙනව.                     1.Social media වල තියෙන Like එක.                     2.තමයි පත්තර කලාවට අලුතෙන් එකතු උන Like එක. :v කෙසේවෙතත් online_සමාJ ඇතුලෙදි අපි ලයික් භාවිතා කරන්නෙ මොකටද ? ලයික් කියන එක Fb එකේ නහර පද්ධතිය වගේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා සමහරුන්ට.online_සමාJ ඇතුලෙ ලයික් තුන්සීය-හයසීය හෝ ඊටත් වැඩිය ගන්න #බුකිපොර කියන සංකල්පය ඔලුවෙ තියාගත්ත උන් ඉන්නව.ගොඩක් උන් ඒ තත්වෙට එන්න දගලනව.ඩේටා පුච්චගෙන.කීබෝඩ් වීරයො,ලයික් හිගන්නො,ගුඩ්මෝනිං කාරයො එමටම ඉන්නව.ෆේස්බුක් එකේ ෆේක් චරිතයක් ඉන්නව කිං කියල.ඌ කියන විදිහට අපේ උන් ලයික් කමෙන්ට් ඉල්ලන්නෙ කඩෙන් හාල් සීනි  ඉල්ලනව වගේ..මෙලෝ රහක් නෑ.. :/ගොඩක් වෙලාවට ''Best Liker,Add me'' කිය කිය අපේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දාන උන්ඉන්නව. ඒවෙලාවට උන්ගෙ සනුහරේ මතක් කර කර ඒව රිමූව් කරන්න වෙනව.        වෙන තැන් වලට වගේම Social media වලටත් සමාජ විචාරකයො කියල කට්ටියක් ඉන්නව. ඒ අයට අනුව අරහෙම කමෙන්ට් කර කර ලයික් Friends ලා හිගාකන උන්ට කියන්නෙ ග්‍රාම්‍ය ෆේස්බුක් නවකයො කියල.උන් තාම මේ වැඩේට අලුත් ඒකයි මේ හැම එකම අතපත ගාන්නෙ.තව ඉන්නව ඔය කොට්ඨාසයටම අයිති ජාතියක් ෆේස්බුක් අනන්ගයො කියල.ඒ පිරිස කරන්නෙ Fb එකේ ඉන්න තරුණියො පස්සෙ යන එක. :v ඒක කමක් නැහැ ඒක උන්ගෙ අයිතිය.උනුත් පරිනත වෙනකොට තේරුම් ගනියි මේ කියන කාරනාව.               හරි.අපි කතා කරමු Fb එක ඇතුලෙ දි අපිට ලැබෙන්නෙ කියල.උදාහරනයක් විදිහට මට හීනයක් තියෙනව Drama කාරයෙක් වෙන්න.ඒ කියන්නෙ නළුවෙක්.එතකොට මට පුලුවනි Fb එක ඇතුලෙ ඉන්න Drama කරන තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න උන්ට රික්වස්ට් දාලා උන්ව Follow කරන්න.උන් Share කරන ලිපි,අදහස්,event එක්ක කියවන්න,කල්පනාකරන්න,එකතුවෙන්න.එතකොට මට පුලුවන් වෙනව Fb එක හරහා වෙනමම Cult එකක් හොයාගන්න.එහෙම නැතුව නිකන් Fb එක හරහා කෑලි පස්සෙ ගිහින්,ලයික් හිගා කකා ඩේටා පුච්චගෙන නන්නත්තාර වෙනවට වඩා අලුත් දෙයක් හොයාගන්න බලන්න.මම උදාහරනෙකට ගත්ත Drama විතරක් නෙවෙයි..උබ Computer programing ගැන ආස නම් ඒගැන හොයපන්.උබ Fashion ගැන interest නම් ඒක ගැන Search කරපන්.උබ Bike ගැන උනන්දුයි නම් ඒක හොයපන්.මම කියන්නෙ අපි Fb ව‍ගේ දේකින් උපරිම ප්‍රතිපල ගන්න ඕනි.නැතුව වලක ඉදන් එකතැන කුරුවල් වෙමින් සිස්ටම් එකට බැන බැන ඒකාකාරී වෙන්න ගියොත් වෙන්නෙ අපිට අපේම ජීවිතේ මිස් වෙන එක.මතක තියාගන්න Like කියන්නෙ Fb එකෙන් දෙන එක ඔප්ශන් එකක් විතරයි.ලයික් හැටහුට හමාරක් ගත්තයි කියල උබව අපිට වඩා උඩ ඉන්න උගත් සමාජෙ ගනන් ගන්නෙ නෑ..මොකද උන් වැඩේට පරිනත දැනුමක් සහිතවයි උඩට ගිහින් ඉන්නෙ.                     මට වගේ පොතක් අතට ගත්තම නින්ද යන කැත සීන් එක උබටත් තියෙන්න පුලුවන්.ඒ උනාට අපිට කවදාවත් Fb එකේ නින්ද යන්නෙ නෑ..මොකද ඒක හැම නිතරම අලුත් වෙනව.ඒක එහෙම වෙයි කියල සකර්බර්ග් වත් නොහිතන්න ඇති.නමුත් ඒක මටනම් විශ්වකර්ම වැඩක්.ඒ ලෝකෙම එක තැනකට ගෙනාපු එක.          ඉතින් Fb හරහා හැදෙන අපේ Digital Life එක වැදගත් දේකට යොමු කරන්න උත්සාහ කරන්න.ඒක මුල් දවස්වල ටිකක් නුහුරු වෙයි.නමුත් ඕක අමාරුවෙන් දවස් 2ක් ඇදගත්තොත් අපේ මොලේ වෙනම තර්ක පද්ධතියක් ගොඩනැගෙයි.ඒකෙන් අපි මේ කරන වැඩේ රහ දැනෙන්න ගනීවි.දැන් ඉස්සෙල්ලම තමන්ගෙ විශය පථය තෝරගෙන වැඩේට අතගහපන්.තව අදහස් ඕනෙ නම් මාත් දෙන්නම් සප් එක.ජයවේවා!!Janith C pemasundara

Sunday, August 2, 2015

පොඩියං අත්හදා බැලීමක්..

Nofilmschool සයිට් එකේ තිබුන ලිපි කියවනකොට ගොඩක් වචන නොදන්න ඒව එහුවෙනව.ඒව අල්ලගෙන වැඩේ කොහොම හරි ගොඩ දාගෙන කියවනව.මම පොඩ්ඩක් බැලුව ඒ සයිට් එකේ තිබුන ලිපියක් ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් ට්‍රාන්ස්ලේට් කලා..
මෙන්න පොඩ්ඩක් කියවහන්..

nofilmschool.com
ප්රභේද පැමිණ යන්න නොව, වයස අවුරුදු 70, එහි උපතේ පසු, චිත්රපට noir වන "නීති" නූතන සිනමා සම්මුති කොටසක් මෙන්ම බවට පත් වී ඇත. ඇයි චිත්රපට සාදන්නකුවූ මෙම බියකරු භූ නැවත නැවතත් ආපසු ආවේ? (.. QED ඔවුන් නම්, හොඳයි, ආසන්න වශයෙන් බොහෝ තිබිය නැහැ) ඒ වගේම, ඇයි මේ චිත්රපට තවමත් ජනප්රිය වන අතර, හරියටම, එහි නීති රීති පමණක් මොනවාද - එවිට skilfully නවීන අධ්යක්ෂවරුන්, විෂයබද්ධ තත්වයන්ට නීති? මුලින්ම 2009 දී විකාශනය බීබීසී සිට වාර්තා, චිත්රපට noir අඳුරු කොනේ ආලෝක දිලිසෙන පමණක් බව පිළිතුරු අපේක්ෂා කරයි. ප්ලස්, ඔබ ඔබේ ම චිත්රපටය-noir ආකාරයේ ආලෝක කරන බලපෑම් හැකි බව ඉඟි පරීක්ෂා කර බලන්න.

චිත්රපට noir (අර්ථය, කළු චිත්රපට, දැල්වීම ක්රමානුරූපය හා ඡායාරූප තමන් සාමාන්ය weltanshauung දෙකම සඳහන්) පිළිබඳ සම්මුතීන් අවියෝජනීයව අද දක්වා ඇමරිකානු සිනමා සමග බැදී සිටිති. මෑත චිත්රපටය ඉතිහාසය තුළ එක් පමණක් කතාන්තර වන ගෘහ නිර්මාණ ශිල්පය සමග toyed දෙකක් ඉහල මට්ටමේ උදාහරණ සොයා බැලිය යුතු වන: කාල නිර්ණය යටිකුරු අතර එසේ කිරීමේ දී ඇති සමරු තිළිණයක්, එය මෙන් අවධාරණය ඕනෑම මුල් වඩා noir-ඊෂ් noir කළ වේ යැයි පවතින අසාමාන්ය සැකයෙන් හා අවිනිශ්චිත භාවය මෙම චිත්රපට ප්රධාන ආහාරය වන බව, සහ Coen Bros. ' උපහාසාත්මක ක්රියාත්මක වන පරිදි චිත්රපට සඳහා noir ගේ pallette සමග toyed වන ෆාර්ගෝ, (සැ.යු: ද Coen Bros. පරණ පිරිමි සඳහා මෑත, ක්ෂණික සම්භාව්ය ඔවුන්ගේ ප්රථම චිත්රපටයේ, රුධිර සරල, කිසිම රටකට දක්වා හැම දෙයක්ම දී, කතාන්තර නැවත නැවතත් පැමිණ ඇත ). එමෙන්ම, සැබැවින්ම, රෝමානු Polanski අධ්යක්ෂණය, රොබට් එවන්ස් ඉදිරිපත් (බරපතල ලෙස, පිස්සු දේවල් කියන ඇවිදීමේ හෙලිකොප්ටරයක් ​​සඳහා, ඒ කෙනා යම් ඉතා හොඳ චිත්රපටි), බොහෝ විට උපුටා Chinatown, "සම්පූර්ණ" චිත්රපටය මෙම උදාහරණයකි මුල් "ස්වයං-දැනුවත්" noir, සහ සමහරවිට එහි උච්චස්ථානයට:

Friday, July 10, 2015

Friday, June 26, 2015

පරන යාලුවා

අද මට මේ කතාව මතක් වුනේ පරන යාලුවෙක් දැක්කම.
මම මුලින් ම දහම්පාසල් ගියේ තුන වසර වගේ ඉදිද්දි..
අපේ පන්තියෙ හිටපු මිස් මාත් එක්ක ඔන්න හෙන ෆිට්.

පන්ති නායකයා තෝරනකොට ටීච මාව පන්ති නායකයා හැටියට පත් කරල 
මගේ ඒ යාලුව ව උප නායකයා කලා..මම එතකොට උප නායකයා කියන එක දන්නෙ නැහැ..මට දැන් හරි ආසයි උප නායකය වෙන්න..ඇත්තටම මම ආස කලේ ''උප නායක'' කියන වචනෙට.
 
smile emoticon

මම ටීචට කිව්ව මට උපනායක වෙන්න ඕනි කියල.ඒත් ටීච කැමති නැහැ.අර මගේ යාලුවත් කියනව උට නායක කම දෙන්න කියල.ටීච දෙන්නෙ නෑ..
මම දැන් අඩනව.මට උපනායක වෙන්න ඕනෙ මයි..
ටීච එදා මට දෙන්න හදපු නායක කම මම ගත්තෙම නෑ.. එදා අර නායක කම ගත්ත යාලුව අද මම දැක්කම මතක් වුනේ මේ කතාව.ඒත් මම උට මුකුත් කිව්වෙ නැහැ..දැන් අපි ටිකක් ලොකුයිනේ...

Friday, June 5, 2015

හිත රිදුනද-මගෙත්


මිතුරු

උබ හිතනවද මට
මුල 
අමතකයි කියල??
නෑ නෑ නෑ..

හැබැයිඋබ
මකබෑවියං...
එහෙම හිතනවනං....

එච්චරයි .
-ජනියා-

මේක සිරා සිද්දියක්'...

මේක සිරා සිද්දියක්.
අද මම පුස්තකාලෙට ගියා..
එතැන ඉන්නෙ හැමදාම ඉන්න සෙට් එක තමයි.
හැබැයි මම අද වයසක ඩයල් ඉන්න පැත්තට ගිහින් වාඩි වෙලා පත්තරේ බලමින් හිටිය..
''කාලකණ්නි හැත්ත'' කියාගෙන මට ඉස්සරහින් හිටපු අංකල් කාරය පත්තරේ මේසෙට දමල ගැහුව.
ඒවෙලාවෙ කට්ටිය එච්චර නොහිටි නිසා වැඩි මුකුත් වුනේ නැහැ.
පස්සෙ මෑන් මාත් එක්ක කතාවකට සෙට් වුනා.
මිනිහ ට කේන්ති ගිහින් තියෙන්නෙ ගම්පහ පැත්තෙ තිබුන දන්සැලකට පොලීසියෙන් බාධා කලාය කියන නිව්ස් එක දැකල.
තව මිනිහ කිව්ව ජෝන් අමරතුංග ට නම් විශ්වාස භංගයක් ගෙන්න ඕන මය කියල.
මම බැලින්නම් මේ යකාට දාඩියත් දාලා..ඒත් කේන්ති ගන්න තරම් දෙයක් වුනෙත් නැහැ.මිනිහගෙ අත්දෙකම සට සට ගාලා වෙව්ලනව.
මම බය වුනේ මේ යකා එතැනම කූරියා ගහයි කියල ආතතියට.
අන්න එහෙමයි ලංකාවෙ මිනිස්සු පක්ශ වලට බෙදිල තියෙන්නෙ...(මිනිහ මහින්ද රාජපක්ෂට ඡන්දෙ දුන්න කෙනෙක් ලු)

Wednesday, June 3, 2015

98 ගැන්සිය

මතක
කොල්ලො සෙට්එක ගත්ත පිස්සු හැමදාම රෑට හීනෙන් පේනව.මොකද ජීවිතේට සහෝදර සහෝදරියො හිටපු නැති මට උන් සහෝදරයො උනා..
මම සෙට්එකේ ආතක් පාතක් නැතිව හිටි එකා...
  රවිය 
 ළහිරු
කොටා
සචිය
මදුරංගය
මුන් එක්ක ගෙවපු අව්රුදු කිහිපය කවදාවත් අමතක වෙන්නෙ නැති තරමට ම උන් මගේ හිත ඇතුලට රිංගලා..
ඒත් උන් ඒ ආරේ එක්ක දැන් දැන් සෙල්ලම් කොරනව.එක එකා එක එක පාරවල් වල.මම විතරක් තනි පාරක.ඒක ලෝක ධහම කියල කිව්වත් මට ඒක පිලිගන්න අමාරුයි.මම දන්නෙ නැහැ ඇයිද කියල.විභාගෙ අපි සෙරම පාස් උනත් ඇයි අපි හැමෝටම එකට ඉන්න බැරි??
                                                                      මම නිතරම අහනව.උන් එකෙක්වත් ඒකට හරිහමන් උත්තරයක් දෙන්නෙ නෑ..ඒත් අපි හැමදාම බොක්කවල් වගේ ඉමු මචං..
මේ විස්තරේ කෙටියෙන් ලියන්නෙ මටත් මගේ පාරෙ යන්න ඕන නිසයි.

ලින්ක් එකෙන් වීඩියෝ එක බලහං.
The video
--ජනියා--